Spread the love

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පැවති මහවිරු සැමරුම් උත්සවයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාගේ සහ එම සංවිධානයේ ධජයේ රුව සහිත ටී ෂර්ටයක් හැඳගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කොඩිකාමම් ප්‍රදේශයේදී 27 සවස මෙම මහවිරු සැමරුම් උත්සවය පැවති අතර එම උත්සව අවස්ථාවට අදාල තරුණයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ සහ එම සංවිධානයේ ධජයේ රුව සහිත ටී ෂර්ටයක් පැළඳ සහභාගී වී තිබුණි.

පසුව එම සැමරුම් අවස්ථාවට සහභාගී වූ අයෙකු විසින් ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට ඒ බව දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් අදාල තරුණ සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුනේ තහනම් ත්‍රස්ත සංවිධානයක දජය මෙන්ම එම ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ රුව ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මතය.

අත්අඩංගුවට ගත් සැකකරු කොඩිකාමම් ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරුටත් පැවසීය.