Spread the love

කොළඹ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිට කලකාරිව හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ එහි කාර්ය මණ්ඩලයට බාධාකාරී වන ලෙස පුද්ගලයෙකු හැසිරෙන බවට කුරුඳුවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරුට ප්‍රංශයට ඇතුළුවීම තහනම් කළ අයෙකු බවත් ඊට විරෝධය පළකිරීමට ඔහු එම කාර්යාලය ඉදිරිපිට මෙසේ කලහකාරිව හැසිරී ඇති බවත්ය.