Spread the love

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයෙන හා දෙනියාය රත්නපුර මාර්ගයේ පස් කන්දු කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබේ

පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.

පස්කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස්කඳු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයේ පස් ඉවත් කිරීම තරමක් ප්‍රමාද වන බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පොලීසිය පවසන්නේ කොළඹ සිට පැමිණෙන වාහන ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙන් හැටන් වෙත පැමිණීමට හැකියාව පවතින බවය.

මේ අතර මහනුවර සිට පැමිණෙන රථවාහනවලට නාවලපිටිය දිඹුලපතන තලවකැලේ මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

දෙනියාය රත්නපුර මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

පොලීසිය පවසන්නේ එම මාර්ගයේ අනිල්කන්ද ප්‍රදේශයේ 86වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගයට මෙලෙස පස්කන්ද කඩාවැටී ඇති බවය.