පවුලේ සාමාජිකයන් සමග දිවයින පුරා සංචාරය කරන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙව් කිරිමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කිරිමේදි එම සැකකරුවන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 28400 ක් සොයාගෙන එම සැකකරුවන් දෙදෙනා යලිත් (09) දින හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එම් ෆරුක්ඩීන් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා මෙ මස (22) දින දක්වා බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් බුද්ධික (44) සහ ගල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් සිරිකුමාර (31) නැමති සැකකරුවන් දෙදෙනයි.
සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ ළමුන් දෙදෙනා සමග මෝටර් රථයකින් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරය කරන මුවාවෙන් ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන සැකකරුවන් ඔවුන් ගමන් ගන්නා මාර්ගයේ තෝරාගත් ස්ථානවල ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය තබා ඒ පිළිබදව ගැනුම්කරුවෙත තොරතුරු ලබා දෙන බවට ලද තොරතුරක් මත ඉකුත් (02) දින සැකකරුවන් සහ පවුලේ සාමාජිකයන් සමග ගමන් ගත් මෝටර් රථය ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ දි නතර කර පරික්ෂා කිරිමේ දි එම මෝටර් රථය තුළ ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් තිබි හමුවීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර දින 7ක රදවා ගැනීමේ නියෝග ලබා ගෙන සිදු කළ විමර්ෂණ වලදී එම සැකකරුවන් දෙදෙනා විසින් සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් සොයා ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසීය.
සැකකරුවන් දෙදෙනා වටවල, හැටන්, කොටගල, තලවකැලේ, නුවරඑලිය, වැලිමඩ, හපුතලේ සහ බණ්ඩාරවෙළ යන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය පැකට් සගවා තිබූ බවත් එසේ සගවා තිබූ මත්ද්‍රව්‍ය පැකට් රැසක් සොයාගෙන එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
හැටන් කොට්ටාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ සහකාර පොලිසි අධිකාරි නිස්සංක ගොඩමුන්න යන මහතුන්ගේ උපදෙස් පරිදි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතාගේ මෙහෙය වීම යට තේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.