Spread the love

2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (07) සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණි.

කාරක සභා අවස්ථාවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සංශෝධන ඉදිරිපත් කළ ද ඒ සඳහා පැවති ඡන්ද විමසීමෙන් එය වැඩි ඡන්ද 25කින් පරාජයට පත් වුණි.