Spread the love

19 වන දින රාත්‍රී කාලයේ මොරොන්තුඩුව පොලිස් වසමේ බණ්ඩාරගම කළුතර මාර්ගයේ ශ්‍රී ජයර්වධනපුර පාර අසලදී බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා ගෝනදූව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 67 ක් වූ කෝපියාවත්ත, දෙල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කාර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.