Spread the love

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (6) සවස නීතිඥයෙකු සමග පැමිණ බෙලිඅත්ත පොලිස් ස්ථානයට බාර වීමෙන් පසු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරු අකුරැස්ස ඉඹුල්ගොඩ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි . ඔහු ඝාතනය සදහා යොදාගත් ගිණිඅවි කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි තම ආච්චිගේ නිවසේ සගවා තබා පසුව එම ගිණිඅවි කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහායවූ සැකකරුවෙකු බව පොලිසිය කියයි.
සැකකරු අද (7) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිළධාරින් සැකකරු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .