Spread the love


නිමල් රාජපක්ෂ

ඹබේ වාහනය පිළිබදව නිසි අවධාවය යොමු කරන්න . එසේ නොකල හොත් එයින් පිටවන දුමාරය නිසා පරිසරය දුෂණය වීමෙන් ඹබට පමණක් නොව ඹබේ දරුවාටද ජීවත් වීමේ අයිතිය නොමැතිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. නිසි කළට වාහනය නඩත්තු කටයුතු සිදු කරන්න සැමවිටම පරිසරයට විෂ වායුම මුදා හැරීමෙන් වලකින්න . කලට වේලාවට තම වාහනය නඩත්තු කිරීමෙන් වායු විමෝචනය සිදු නොවන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා එසේ පැවසුවේ රාජ්‍ය ආයතනය වල සේවයේ නියුතු ප්‍රවාහන නිලධාරීන්, ප්‍රවාහන විෂයට අදාළ ඉංජිනේරුවරුන් හා රියදුරු මහතුන් උදෙසා වාහන වායු විමෝචන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්  අද 28  කොළඹදී පැවැති අවස්ථාවේදී ප්‍රධාන ආරාධිතයා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා  සහභාගිවු අවස්ථාවේදිය