Spread the love

ටිපර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරියක මියගොස් තිබේ.

ගලේවෙල පොලිස් වසමේ, අඹේපුස්ස ත්‍රිකුණාමලය මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරින් යතුරු පැදියේ පැමිණ පොලිස් කොස්තාපල්වරියක දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය සඳහන් කළේ ය.

ඇය වයස අවුරුදු 24ක් වූ තලකිරියාගම, ඇතාබැඳිවැව, පහළ වැව ප්‍රදේශයේ පදිංචි පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ අනුයුක්තව රාජකාරි කරමින් සිට තිබේ.

පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම පොලිස් නිලධාරිනිය නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මෙම අනතුරට ලක් වී ඇත.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.