Spread the love


නිමල් රාජපක්ෂ-

කොටුගොඩ ප්‍රදේශයේ නිවසක ගබඩා කරතිබු නීති විරෝධී මත්පැන් ගඩබාවක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවක් මීගමුව සුරාබදු නිලධාරීන් ඊයේ(06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රිතු මිලි ලීටර් 540,000ක්, බරල් තොගයක් සොයා ගත් බව මිගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිංහ මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් නිවස වටලු අව්සථාවේ නිවසේ කාමරයක් තුළ ඉතා රහසි ගතව තැබු කුටියක නිති විරෝධි මත්පැන් තොගය ගබඩා කර තිබියදි සොයා ගැනීමට ස් ඇත.
අදාල මත්පැන් ඉතා රහසිගතව කො‍ටුගොඩ, මිනුවන්ගොඩ, ක‍ටුනායක ප්‍රදේශ වල‍ට අලෙවි කිරිම සදහා බෙදා හරින බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ම්ත්පැන් තොගය සමගින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉ දිරිපත් කීරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා දියත් කර තිබු දින 100 වැඩසටහනට සමගාමීම මෙම මත් ජාවාරම කොටු කර ගැනීමට හැකිවී තිබේ.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) තිස්ස කුමාර රාජපක්ෂ හා සහකාර සුරාබදු කොමසාරිස් (බ.ප. 111) ඒ. ඒ. රොෂාන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත , සුරාබදු අධිකාරි (ජා ඇල) එල්. පී. එස්. ජයසංඛ මහතාගේ අධීක්ෂණය යටතේ, මීගමුව සුරාබදු ස්ථානයේ සුරාබදු ස්ථානාධිපති ඩබ්. එම්. වජිර විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , මීගමුව සුරාබදු නිළධාරින් සහ ගම්පහ සුරාබදු ස්ථානයේ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ හා නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සුරාබදු පරීක්ෂක එල්. ආර්. කේ. පිලපිටිය, සුරාබදු සැරයන් 696 එම්. එම්. රවි පෙරේරා, සුරාබදු කෝප්‍රල් 757 සුමේධ අබේවර්ධන, සුරාබදු නියාමක රියදුරු ධනුෂ්ක රණසිංහ යන නිළධාහු මෙම වැටලීම සිදු කළහ.

වීඩියෝව නරඹන්න