Spread the love

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලටත් දින දෙකක සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් පහත් බිම් යටවී නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

මේ සමග ගිං ගඟ දෙපස පිහිටි නාවක්කඩ මුල්කඩ, පාතවැලිවිටිය ආදී ප්‍රදේශවල අතුරු මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී තිබේ.