Spread the love

රාජකාරී නිල ඇඳුම ඇඳ සිටින්නේ නම් කවුරුන් හෝ පහරදීමට පැමිණෙන්නේ නම්, පෙරළා පහරදිය යුතු බවත්, නැතහොත් අදාළ නිල ඇඳුමෙන් ප්‍රයෝජනයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

තමාට ප්‍රථමයෙන් සිදු කිරීමට සිදුවූයේ පොලිස් නිලධාරීන්ව ශක්තිමත් කිරීම බවයි ඹහු පැවසුවේ.

තමාට දැඩි තීරණ ගැනීමට සිදුවූ බවත්, එම තීරණ ගැනීමට හැකිවූයේ ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් ශක්තිය නිසා බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද මෙම මෙහෙයුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමා අමාත්‍ය ධූරයේ සිටිනතාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයෙන් තමා වැඩ නොකරන බවයි.