Spread the love

හැටන් රුවන් පුර ප්‍රදේශයේ රක්ෂිතයේ 09වන දින රාත්‍රියේ හට ‍ගෙන ඇති ගින්නක් හේතුවෙන් එම රක්ෂයේ අක්කර තුනක පමන ප්‍රමානයක් විනාශයට පත්ව ඇත‍.

හැටන් ආශ්‍රිත මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් සමග සමහර පිරිස් රක්ෂිත කැලැ තුල ජිවත් වන සාවුන් වැලි මුවන් වැනි කුඩා සතුන් දඩයම් කිරිමට හා විනෝදයට මෙසේ රක්ෂිත කැලැ ගිනි තැබිම් සිදුකරන බව එම ප්‍රදේශයේ පිරිසක් පවසති.

මෙම රක්ෂිිත කැලැ මෙසේ ගිනි තැබිමත් සමග මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ප්‍රදේශයන් තුල දැඩි ජල හිගයක් ඇතිවිමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසති.

මෙසේ කැලැ ගිනි තබන පුද්ලයන්ට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට අදාල බලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.