Spread the love

ජූල්පල්ලම ,සිවුජනගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු (28) සවස 5 ට පමණ කැණීම් උපකරණ සමගින් තිස්සමහාරාම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිළධාරියෙකුද සිටින බවත් නිධන් හෑරූ ඉඩමේ හිමිකරු ඔහු බවත් පොලිසිය කියයි .මෙම සැකකරු තංගල්ල නාකුලුගමුවේ පදිංචි කරුවෙකි .
අනෙක් සැකකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිළධාරියෙකු හා මැදවල කැන්දහින්න ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි . අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (29) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය පිළිබදව තිස්සමහාරාම පොලිසියවැඩිදුර විමර්ශන පවත්වයි.