Spread the love

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අපේක්ෂකවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් පත් කර ඇත.

ඒ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ය.

එලෙස ජනපති සටනට පිවිසි ඔහු තමා අභියෝගය භාරගත් බවත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතිවන්ත වන බවත් සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස සටහනක් තබමිනි.

එම සටහන මෙසේය.

“නැවක් වරායේ නැංගුරම්ලා තබන තුරු එය සුරක්ෂිතය. නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවේ.

අභියෝගය බාරගනිමි. මේ සටන ඔබ සමඟ ජයග්‍රහණයෙන්ම අවසන් කරමි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වෙමි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමේ නිල උත්සවය ඊයේ පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් විය.

සපැමිණි සහ සුබ පැතූ සැමට හදවතින්ම ස්තූතියි”