Spread the love


නිමල් රාජපක්ෂ-

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව ඉදල්ගස්ඉන්න යන දුම්රිය ස්ථාන අතර අංක 31 වැනි දුම්රිය බිංගෙය අසළදී අද දිනයේ මේ වනවිට තුන්වතාවක් පස් කන්දක් නාය යාම නිසා දුම්රිය ධාවනයට බාධා සිදුවීම හේතුවෙන් ඉදිරියේදි ස්ථිරසාර විසදුමක් ලෙස ආරක්ෂිත තාප්පයක් ඉදි කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා පවසයි

.

අද දිනයේ අළුයම 4 ට පමණ පස් කන්දයාමෙන් අනතුරුව එය දුම්රිය සේවකයින් හා යුධහමුදාව එක්ව කළුගල් හා පස් ඉවත්කිරීමේ කටයුතු සිදු කර දුම්රිය ධාවයට කිරීමට සැලැස්විය .


ඉ න් අනතුරුව පෙරවරු 7.00 ත්පෙරවරු 10 .00 ටත් , දවහල් 12.00 ට පමණත් පස් කන්ද නාය යාමෙන් දුම්රිය මාර්ගය වැසි තිබේ. නමුත් දුම්රිය සේවකයින් හා යුධහමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා පස් හා විශාල කළුගල් ඉවත් කොට තිබිණ. මේ අතර වාරයේ දුම්රිය බලධාරීන්ගේ මැදිහත් වීම මත දුම්රිය ධානවයද කිරීමට පියවර ගෙන තිබිණ.


නමුත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් 31 බිංගෙය අසළ කන්ද කඩා වැටීමේ ක්‍රියාවලිය විටින් විට සිදු වන බැවින් දුම්රිය මගීන්ගේ දුම්රියේ හා දුම්රිය මාර්ගයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථිරසාර විසදුමක් ලෙස දුම්රිය බිංගෙය අසළ ආරක්ෂිත තාප්පයක් ඉදිකිරීමට පියවර ගන්නා බවද දුම්රිය සමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසුවේය.