Spread the love

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවයට අදා​ළ රුපියල් ලක්ෂ 26 ක විදුලි බිල තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

අද (02) ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී එම බිල්පත ගෙවා දැමීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍යය සිදු වී දරුවන් දෙදෙනෙකුද ලැබීමෙන් අනතුරුව මෙම බිල්පත නොගෙවා ඇති බව සමාජ මාධ්‍යයේ පළ වූ බවයි.

අදාළ බිල්පත කව්රුන් විසින් හෝ ගෙවීමට ඇත්නම් එය ගෙවා දැමීම යුතුකමක් ලෙස තමා විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.