Spread the love

18 වන දින රාත්‍රී කාලයේ කොහුවල පොලිස් වසමේ සරණංකර පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට කොහුවල පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 43 ක් වූ නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු එම වෙළඳසැලේ හිමිකරු බවත්, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවත් දැනට සිදුකළ විර්මශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කොහුවල පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.