Spread the love

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන්, විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90 ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.