Spread the love

නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි.

පත් කරන ලද පොලිස්පතිවරයාට මානව හිමිකම් සම්බන්ධ යෙන් නඩු ගණනාවක් පවතී. ඊට අමතරව ඔහු නඩු රැසකින් වරදකරුවකු බවට පත්ව සිටී.

එවැනි පුද්ගලයෙකු ට පොලිස්පති ධුරයට පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට බරපතල තර්ජන එල්ල වන බව රණවක මහතා සඳහන් කරයි.

දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් ඔහුගෙන් ප්‍රදර්ශනය වීමද ගැටලුවකි.

අරගල සමයේදී ඔහුගේ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබේ.

තත්ත්වයකදී නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කළ හැකි පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත් කිරීම වැදගත් බව රණවක මහතා අවධාරණය කරයි.

පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථා දායක සභාවෙහි ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ගැටලු පවතී.
කථානායකවරයාද අත්තනෝමතිකව ක්‍රියා කර ඇතැයි රණවක මහතා චෝදනා කරයි.

ඉන් ව්‍යවස්ථා ප්‍රතිපාදනද උල්ලංඝනය වී තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ නීතියේ ආධිපත්‍යය බරපතල අභියෝගයකට ලක්ව ඇති කාල සමයක් උදාවී ඇතැයි රණවක මහතා පෙන්වා දෙයි.