Spread the love

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර නවසීලන්තය ශූරතාව දිනාගැනීමට සමත් විය.

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (20) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත්විණි.