Spread the love

තමා ද 69 ලක්ෂයට අයිති කෙනෙක් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ, ජාතියට හතුරා වූ රනිල් වික්‍රමසිංහ සමඟ පූට්ටු කිරීමට නොවන බවයි උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

ලංකාවේ පාර්ලිමේන්තුව තුළ අරගල යුගය දක්වා විපක්ෂයක් සිටි නමුත්, ඉන් පසු රටට බලපාන පනත් ගෙන ඒමේදී විපක්ෂයේ පිරිස් නිහඬව සිටිමින් එයට උදව් කරන බවද ඔහු සඳහන් කළේය.

තමන්ගේ ජාමය බේරාගැනීම සඳහා අද වන විට නල්ලමලේ පොහොට්ටුව පූට්ටුවක් කර ගනිමින් හැම පනතකටම අත උස්සන යාචකයින් පිරිසක් මෙරට පාර්ලිමේන්තුව තුළ සිටින බව මොහොතකට හෝ සි‍තා ගැනීමට නොහැකිවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.