Spread the love


 

ධීවර අමාත්‍ය ඩග්ලස්
දේවානන්දා මහතා චිනයේ සිදුකරන ලද සංචාරයෙදි සිදු කල රාජතාන්ත්‍රික සාකච්ඡාවලට අනුව
චින රජයෙන් ආධාර ලෙස ලැබුණු දැල් 75000ක් පමණ උතුරු නැගෙනහිර ධීවර පවුල් වලට බෙදා
දිමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කටයුතු කොට ඇත.
ඒ අනුව මෙම දැල් ධීවර දෙපාර්තුමේන්තුවේ ඒම දිස්ත්‍රික්ක සහකාර අධ්‍යක්ෂක කාර්යාලවලට
ලබා දිමට තිරණය කොට ඇති අතර යාපනය දිස්ත්‍රික්කය සදහා ධීවර දැල් කට්ටල 26700 ක් ද,
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සදහා 15100 ක් ද මන්නාරම සදහා 7800, මඩකලපුව 9850, මුලතිව්
4650, කල්මුනේ 5600, කිලිනොච්චි සදහා 5300 ද වශයෙන් මෙම දැල් බෙදා හැරීමට කටයුතු
කොට තිබේ.
මෙම දැල් දැනටමත් මෙරටට ලැබි ඇති අතර ඒවා උතුරු නැගෙනහිර පළාත්වලට බෙදා හැරිමේ
කටයුතු මේ වන විට සිදුකරමින් පවතී. තවද උතුරු නැගොනහිර ධීවර පවුල් දිරිමත් කිරිම සදහා
චින අධාර යටතේ ලැබුණු සහල් කිලෝ 50 kg බැගින් වු සහල් මලු 16200 ක ප්‍රමාණය එක්
පවුලකට 20 kg බැගින් වු සහල් මලු ලෙස යාපනය දිස්ත්‍රික්කයට සහල් මලු 1335ද , කිලිනොච්චි
දිස්ත්‍රික්කයට සහල් මලු 265ද, මන්නාරම් දිස්ත්‍රික්කයට සහල් මලු 390ද , මුලතිව් දිස්ත්‍රික්කයට
සහල් මලු233ද ,මඩකලපු දිස්ත්‍රික්කයට සහල් මලු 492ද වන පරිදි උතුරු පළාතට බෙදා හැරීමට
කටයුතු කරඇති අතර නැගෙනහිර පළාතේ ධීවර පවුල් සදහා බෙදා දිමටද ඉදිරි කාලයේදී කටයුතු
කර ඇත.
ධීවර සංවිධාන හරහා එම සහල් බෙදාදිමට කටයුතු කරන ලෙස සහකාර ධීවර අධ්‍යක්ෂවරුන්ට
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් ලබාදි ඇත.
අමාත්‍යවරයා විසින් කැදවා තිබු මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත
වික්‍රමසිංහ මහතා, ධිවර අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු උතුරු නැගෙනහිර
පලාත්වල සියලුම අධ්‍යක්ෂක වරුන් සහභාගි විය.