Spread the love


නිමල් රාජපක්ෂ


ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින දිගු කාලීන මිතුදම් ආරක්ෂා කර ගනිමින් දෙරටේ ධීවර කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය වර්ධනය කර ගැනිම උදෙසා මෙම සංචාරය යෝදාගත් බවත්, ලංකාවේ ධීවර කටයුතු සදහා මාලදිවයින් රජයේ අවශ්‍ය සහ යෝගය ලබාදිමට තමන් සුදානම් බවත් මාලදිවයින් රජයේ ධීවර හා කෘෂි කර්ම අමාත්‍ය හුසයි රෂිඩ් හසන් මහතා පවසයි
ශ්‍රී ලංකාවේ කෘෂී කාර්මික අපනයන බෝගයක් වන පොල් නිෂ්පාදනය වර්ධනය කරගැනිම උදේසා ද අවශ්‍ය ආධාර ලබා දිම සදහා කටයුතු කරන බවද එතුමා ප්‍රකාශ කළේය.


මාලදිවයින් රජයේ ධීවර හා කෘෂි කර්ම අමාත්‍ය හුසයි රෂිඩ් හසන් මහතා ඇතුලු නියෝජිත පිරිසක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ධිවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන් සමග පැවැති සාකච්ජාවකදී මෙම අදහස් පැවසුවේය..

තවද එරට ධීවර කර්මාතයේ මාලු අස්වැන්න නෙලා ගැනිම පිලිබද තාක්ෂණය මෙරට ධීවරයින්ට ලබාදිම සදහා අවශ්‍ය පුහුණූ පාඨමාලාවන් සිදු කිරිමට උදවු උපකාර කිරිමටද තම රජය සුදානම් බව ප්‍රකාශ කල අමාත්‍යවරයා ලංකාවේ වෙරළ ආශ්‍රීත ධීවර ස්ථාන ආරක්ෂා කර ගැනිම සදහා වෙරළ ආශ්‍රිත දැල් දැමිමේ ක්‍රමය සිමා කොට ඒ සදහා නවීන බිලිපිති යෙදා ගනිමින් මාලු ඇල්ලිමට ලංකාවේ ධීවර ජනතාව පුරුදු පුහුණූ කිරිම අත්‍යවශ්‍ය කරුණක් බවද වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මෙහිදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ශ්‍රී ලංකාවේ ධීවරයින් අරාබි මුහුදට ඇතුලු විමේදි දිවයින හරහා ගමන් කිරිමට ඇති බාදා ඉවත් කිරිමට ඉල්ලා සිටි අතර එයට පිලිතුරු දුන් මාලදිවයින් ධිවර අමාත්‍යවරයා, පැය 72 කට පෙර ඒ පිලිබද තම අමාත්‍යංශය දැනුවත් කළහොත් ඒ සදහා ප්‍රමාද නොවි අවශ්‍ය අවසරය ලබා දීමට පියවර ගන්නා බවද පැවසීය.