Spread the love

මහින්ද රාජපක්ෂලාට යලිත් බලයට එන්න අවශ්‍ය විදිහට නව වැඩ බලන පොලිස්පති පත් කල බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (03) දින හැටන් පෞද්ගලික හෝටලයකදි පැවති මාධ්‍ය හමුවකදිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

රාජපක්ෂලා ආයේ ආණ්ඩු කරන්න සුදානම් වෙමින් ඉන්නවා , හොද උදාහරණයක් තමයි රටේ ජනතාවට උහුලා ගන්නා බැරුව පාරට බැහැලා අරගල කරනකොට පුත්තලම පැත්තේ ඉස්සෝකොටු කාරයගේ කරේ අත දාගෙන ආපු දුෂ්ඨ බන්දු කාරයව වැඩ බලන පොලිස්පති විදිහට පත් කලා රනිල් වික්‍රමසිංහ.

රාජපක්ෂලාට ඕනි කරනවා දැන් රාජපක්ෂලාගේ සපත්තු ලෙව කන , මැරයෙක් , කාකි යුනිෆෝම් කාරයෙක්. අන්නට ඒකට තමයි දුෂ්ඨ බන්දු පත් කරන්නේ ඒකට.

දුෂ්ඨ බන්දුට ව්‍යවස්ථාදායකයේ අත ඉස්සුවේ කවුද? රාජපක්ෂ නඩය , මුන් තමයි මේ රට විනාශ කරලා බංකොලොත් කලේ.

දුෂ්ඨ බන්දු කියන්නේ චෝදනාවලට පැහැදිලිවම ලක් වුණ පුද්ගලයෙක් , පාස්කු ප්‍රහාරයටත් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක්.

අපිට ආයෙත් මයිනාස් , කපුටාස් , පොඩි මායිනාස් යුගය පෙන්න තියෙනවා. යනුවෙන් පැවසිය.