Spread the love

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව සැලකිල්ලට ගෙන වහාම නඩු පවරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වැඩ බලන අතරතුර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ නොහැකි බැවින් ඔහු වැඩබලන පොලිස්පති ධුරයේ වැඩ තහනම් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දීම නීතිපතිවරයාගේ යුතුකම බවත් නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යවමින් නීතීඥ එකමුතුව පෙන්වා දෙයි.

නීතිඥ සාමූහිකය වෙනුවෙන් රියන්සි අර්සෙකුලරත්න, උපුල් ජයසූරිය, ජෙෆ්රි අලගරත්නම්, ඩිනාල් පිලිප්ස්, සාලිය පීරිස්, නලින් දිසානායක, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, නීතීඥ දීපිකා උඩගම ඇතුළු පිරිසක් – එම ලිපියට අත්සන් තබා ඇත.