Spread the love

දේශපාලඥයන් විසින් සිදු කරන වැඩ වෘත්තිය සමිති විසින් අැගයීමක් නොකළද ජනතාව විසින් අැගයීමකට ලක් කරන බව ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.

වෘත්තිය සමිති සිතන්නේ දේශපාලඥයන් නැතුව තමන්ට සියලුම වැඩ කරගත හැකි යයි කියා නමුත් මෙරටට කර ඇති වැඩක් කර ඇත්තේ දේශපාලඥයන් නිසා බව මතක තබා ගත යුතු බවත් ඇමතිවරයා පැවසීය.

පඩි වැඩි කිරීම් බෝනස් ලබාදීම් ඇතුළු දීමනා ද ලැබුනා නම් ලැබුණේ දේශපාලඥයන් නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම කියා සිටියේ කොළඹ වරායේ පැවති උත්සවයක් අමතමිනි.