Spread the love

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර ඇති රුහුණු කතරගම ප්‍රධාන දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.

පාතාල නායක අංගොඩ ලොක්කා විසින් කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

මොවුන් දෙදෙනාම දකුණු පළාතෙන් පිටව ගොස් වෙනත් පළාතක ආරක්ෂකව සිටින බවත් දේශපාලන සහාය මැද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවත් දේවාලයේ වෙනත් කපු මහතකු දන්වා ඇත.

මේ අතර මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා හා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කතරගම දේවාලයට ැමිණි අවස්ථාවේද ප්‍රධාන කපු මහතා එම අවස්ථාවට සහභාගි වී නැත.