Spread the love

මීරිගම හා අලව්ව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද දින දහවල් 2.35 ට පමණ ගසක් කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවිය.

ගස කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ , දුම්රිය මාර්ග දෙකම මේ වන විට අවහිරව ඇති අතර , ඒ හේතුවෙන් කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රියන් මීරිගම දුම්රිය ස්ථානයේ දී හා නුවර ,බදුල්ල ,අනුරාධපුර වැනි ප්‍රදේශ වල සිට කොළඹ බලා ධාවනය වන දුම්රියයන් පොල්ගවෙල දුම්රිය ස්ථානයේ දී නතර කිරීමට සිදුවිය.
අලව්ව දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය මේ වන විට අවහිරව ඇති මාර්ග දෙකෙන් එක් මාර්ගයක් ධාවනය සඳහා ලබා දීමට හැකි පරිදි අවහිරය ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් ඇත.
ප්‍රධාන මාර්ගයේ මීරීගම හා අලව්ව දුම්රිය ස්ථාන අතර ගසක් කඩා වැටිමේන් අවහිර වූ ප්‍රධාන මාර්ගයේ කඩිනමින් පැය කිහිපයක් යද්දී ගස කපා ඉවත් කොට දුමරිය ධාවනය යලි යථාතත්වයට පත් කොට තිබේ.