Spread the love

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ඇතුළත් අතුරු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදුන් බව ඒ සඳහා පත් කළ කමිටුවේ සභාපතිවරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය. ප්‍රතිව්‍යුහතකරණ මූලික සැලැස්ම පිළිබඳ මෙම වාර්තාවෙන් කරුණු දක්වාතිබේ.
දුම්රිය කාර්යක්ෂම කිරීම හා පාඩුව අවම කිරීම සඳහා යෝජනා ඊට ඇතුළත් වෙයි.
දුම්රිය ප්‍රතිව්‍යුහතකරණය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ එම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු 16 දෙනෙකු ඇතුළත් වෙයි

ඒ අනුව හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු පිරිසක් ඊට ඇතුළත් වෙයි.

එහි අවසන් වාර්තාව දෙසැම්බර් මස 31 වැනි දාට පෙර ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.