Spread the love


නිමල් රාජපක්ෂ-

..

දුම්රිය වලින් ප්‍රවාහන කරනු ලබන පාර්සල් හා භාණ්ඩ සඳහා අයකරනු ලබන ගාස්තුව පෙබරවාරි මස 01 වන දින සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.
මෙම ගාස්තු සංශෝධනයේදි මෙතෙක් පාර්සලයේ බරට හා දුර අනුව ගාස්තු අයකළද මෙවර ගාස්තු සංශෝධනයේදී පාර්සලයේ බර අනුවත් , පාර්සලය යවන දුර අනුවත් පමණක් නොව පාර්සලයේ වටිනාකමට අනුවත්, ගාස්තු අයකිරීමක් සිදු වන බවද නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (වාණිජ).චන්ද්‍රසේන බණ්ඩාර මහතා පවසයි.

අංක 2367/12 හා 2024 .01.18 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පාර්සල් හා බඩු ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කොට ඇත.
මේ දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පාර්සල් ප්‍රවාහන කිරීමේ දී එම පාර්සලයේ බර අනුව යවන දුම්රිය ස්ථාන වෙත දුර පදනම් කර ගනිමින් ගාස්තු අය කිරීමටත්, එම ගාස්තුව අනුව වැට් බදු අය කිරීම පමණක් සිදු කොට පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කරන ලදී.

නමුත් මෙම නව අති විශේෂ ගැසට් නිවේදනය අනුව පාර්සල් ප්‍රවාහන කරන විට දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට තීරණය කොට තිබේ.
ලොතරැයි ටිකට්/ බෙහෙත් ද්‍රව්‍ය / ටයර්/ වීදුරු/ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා

📦 පාර්සලයේ වටිනාකම = 0 සිට 1000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය ක් නැත.

📦 පාර්සලයේ වටිනාකම = 1000.00 සිට 5000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 1.5% කී.

📦 පාර්සලයේ වටිනාකම = 5000.00 සිට 10,000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 2.25% කී.

📦 පාර්සලයේ වටිනාකම = 10,000.00 සිට 20,000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 3% කී.

📦 පාර්සලයේ වටිනාකම = 20,000.00 ට වැඩි වටිනාකමේ ප්‍රතිශතය 4.5 % කී.

(ලොතරැයි ටිකට්/ බෙහෙත් ද්‍රව්‍ය / ටයර්/ වීදුරු/ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට අයත් නොවන වටිනාකම රුපියල් 10000.00 ට වැඩි අනෙකුත් සියලුම පාර්සල් සඳහා වටිනාකමෙන් 0.5 % ක ප්‍රතිශතයක් අය කිරීමට කටයුතු කොට ඇත.