Spread the love

කාසල්රි ජලාශයේ දුපතක තුවාල ලබා වැටි සිටි මුහුදු රාජලියෙකු මුදාගෙන වනජිවි නිලධාරින් වෙතට භාර දිමට කාසල්රි ජලාශයේ සංචාරක හෝටලයක සේවකයෙකු (14) දින කටයුතු කර ඇත.

කාසල්රි ජලාශයට අවට වෙසෙන මුහුදු රාජලියෙකුට කපුටන් විසින් ප්‍රහාරයක් එල්ල කිරිම නිසා මුහුදු රාජලියාගේ පාදයට තුවාල සිදුවිම හේතුවෙන් මුහුදු රාජලියා ඉගිල්ලිමට නොහැකිව කාසල්රි ජලාශයේ දුපතක වැටි සිටියදි ඒ පිලිබදව කාසල්රි ජලාශයේ ධිවර කටයුතු වල යෙදි සිටින ධිවරයෙකු දැක සංචාරක හෝටලයේ සේවකයාට දැනුම් දි ඇත.

ඉන් අනතුරුව හෝටල් සේවකයා (13) දින පස්වරුවේ කාසල්රි ජලාශයේ දුපත වෙත ඔරුවකින් ගොස් මුහුදු රාජලියා ඉන් මුදාගෙන රැගෙන විත් තුවාල ලබා සිටි මුහුදු රාජලියා වනජිවි නිලධාරින් වෙත ලබාදිම සදහා හැටන් පොලිසිය වෙත (14) දින භාර දි ඇත.

නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් හැටන් පොලිසිය වෙත පැමිණ තුවාල ලබා සිටි මුහුදු රාජලියාව හැටන් පොලිසියෙන් භාරගෙන එම සත්වයාව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යනු ලැබුහ.