Spread the love

නාගොඩ- සුමන

හලාවත දැදුරු ඔයේ පාලම අසල දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී මියගොස් ඇතිබව හලාවත පොලිසිය පවසයි.

දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක්වූ පානදුර විජය මාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පිරිසක් සමඟ අනුරාධපුරයේ විනෝද චාරිකාවක් පැමිණ ආපසු යමින් සිටියදී පිරිස සමඟ දැදුරු ඔයේ දිය නෑමට ගොස් අනතුර සිදුව තිබේ.

හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.