මාතර වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇතිබව වැලිගම පොලිසිය පවසයි.
මෙම කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගෙන ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බව පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක්වූ දකුණු කොරියානු ජාතික කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.