Spread the love

බාල වයස්කාර තම දියණියව දුෂණය කළ බව කියන සැකකරුවෙකුට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 02ක දඩයක්ආණමඩුව, ඌරියාව – අන්දරවැව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු හට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කර තිබේ.‍

2006 වසරේ එවකට 15 හැවිරිදි වියේ පසු වූ තම දියණියව දුෂණය කරන ලද යැයි මෙම සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

එම චෝදනාවන්ට සැකකරුව වැරදිකරු කළ මහාධිකරණ විනිසුරුවරිය ඔහුට දඬුවම් නියම කළ අතර සැකකරුට පනවා ඇති රුපියල් ලක්ෂ 02ක දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ද මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කර ඇත.