Spread the love

තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, විතිකුලිය, වන්නිගම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.

සැකකරු වව්නියාව, පම්පෙමඩුව 17 වන පාබල හමුදා කඳවුරේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවට අනාවරණය වී ඇත.

වයස 12ක් වන දියණියට සැකකරු විසින් වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදු කරන බවට කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී තිබිණි.

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කොබෙයිගනේ පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශන හරහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත් ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.