Spread the love

මේ මාසයේ මුල් දින 4 තුළ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් බවයි සිය වාර්තාව මඟින් එම අධිකාරිය සඳහන් කරන්නේ.

පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය හා ජර්මනිය යන රටවලින් බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.