Spread the love

කැලණි ගඟේ පූගොඩ – කනම්පැල්ල පාලම අසල මියගොස් සිටි දැවැන්ත කිඹුලෙකුගේ සිරුරක් ඊයේ (25) දහවල් 2.00 ට පමණ හමුවී ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ කිඹුලා අඩි 15ක් පමණ වන බවය.

තරුණයන් පිරිසක් කිඹුලාගේ සිරුර දැක ඇති අතර, පසුව ඔවුන් එම සිරුර ගඟ පහළට ගසාගෙන යාම සඳහා ගඟ මැදට ඇදගෙන ගොස් තිබුණි.