Spread the love

මීනගයා දුම්රියේ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත.

දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥන් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනා විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවය.

අනතුරුව බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් අධිකරණය විසින් දරුවාව නැවත එම මව්පියන් වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ බණ්ඩාරවෙල පරිවාස නිලධාරීගේ දැඩි අධීක්ෂණය යටතේ එම දරුවා එම මව්පියන් වෙත භාරදෙන ලෙසටය.

එසේම සැකකාර මව්පිය යුවළගේ මව්පියන් වෙත අධිකරණය නියෝග කර ඇත්තේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙසය.