Spread the love

බංකොලොත්වී ඇති රට ඉන් මුදවාලන්නට නිර්මාණශීලී නැවුම් විසඳුම් අවශ්‍යයි. විවිධ අවස්ථාවල ඩිජිටල් විප්ලව ගැන සුවිසල් හෝටල්වල සම්මන්ත්‍රණ පැත්වූවත්, කිසිදු අවස්ථාවක එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනේ නැහැ. එහෙත් සක්වල වැඩසටහනින් ඒ සඳහා මුල්පියවර තබන්නට අපිට හැකිවුනා. ඩිජිටල් ලොවට පාසල් දරුවන් හුරු කිරීමකින් තොරව තොරතුරු තාක්ෂණ පිළිබඳ කතා කිරීම ඵලක් නැහැ’

වසර 75ක මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ පළමු වරට විපක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් හැකි ප්‍රමාණයෙන් අගයක් එකතු කරන්නට “සක්වල” සහ “හුස්ම” වැඩසටහන් ඔස්සේ හැකිවූ බවත්, එහි ප්‍රතිලාභ පාසැල් දරුවන් සහ මෙරට අහිංසක ජනතාව බුක්ති විඳින බවත්, ඒ පිළිබඳව පුරවැසියෙකු ලෙස තමන්ටත්, පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයටත් නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේය

දුප්පත් රටට, දූපත් මානසිකත්වයකින් ඉදිරියට යා නොහැකි බවත්, නව තාක්ෂණික දැනුමෙන් දරුවන් සන්නද්ධ කරන අතරතුර ඉංග්‍රීසි අධ්‍යාපනයට දරුවන් හුරු කරවමින්, නව ලෝකයට ගැලපෙන පුරවැසියකු තැනීම ඔස්සේ සුහුරු රටක් නිර්මාණය කිරීම තම ඉලක්කය බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, “සක්වල” වැඩසටහන යටතේ, 36 වන සුහුරු පන්ති කාමරය බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ දරුවන්ට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.