Spread the love

පාසැල් තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට බව පවසමින් පොලිස් නිලධාරීන් පාසැල් දරුවන්ගේ පාසැල් බෑග පරික්ෂා කිරීම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතය පාසල් සිසුන් අතර ප්‍රචලිත ව ගොස් ඇත්තේ යයි මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූවද එය එතරම් සාර්ථක ක්‍රමවේදයක් නොවන බවයි.

පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් පාසල් තුළට ගෙන දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම දරුවන්ට හිරිහැරයක් බවද පැවසූ ඔහු ඒ හරහා දරුවන් තවදුරටත් මානසික පීඩාවට පත්වන බවද කියා සිටියේය.