Spread the love

දකුණු පලාතේ ඉදිකෙරෙන විශාලතම වරාය ගන්දර ධීවර වරාය බැවින් එහි වැඩ කටයුතු මේ වසරේ අවසන්කොට ධීවරයින්ට මුහුදු යාමට සළස්වන බව . ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දකුණු පළාතේ ධීවර වරායන් අතර ප්‍රධානතම ධීවර වරායක් වන ගන්දර ධීවර වරාය නවීකරණය කොට සංවර්ධනය කිරීම මීට වසර 03 කට පෙර ආරම්භ කළ අතර පසුගිය කාලයේ ඇති වු ආර්ථික අර්බුදය හා කෝවිඩ් වසන්ගතය හේතු කොටගෙන යම් දුරකට වැඩ නතර වී තිබුන. රටේ ඇතිවු ආර්ථික සංවර්ධනයත් සමග මෙම ධීවර වරාය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ වු බවත්, දැනට එහි වැඩ කටයුතු බොහෝමයක් අවසාන වී ඇති අතර පළවැනි අදියරේ වැඩ කටයුතු තව මාස දෙක තුනකින් අවසන් කොට ධීවරයින්ට මුහුදු යාම සදහා අවශ්‍ය පහසුකම් සළසන බව පවසා සිටියේය.