Spread the love


2024දී තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා ලක්ෂ 3ක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

ඊට අමතරව එම වසරේදී තොරතුරු තාක්ෂණ අංශයේ නව ව්‍යවසායකත්ව අවස්ථා 1000ක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද මෙම රැකියා සංඛාව උත්පාදනය වන්නේ ඒ අනුව බව ද තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ  මෙම නව ව්‍යාවසායකයන්ට ආරම්භක අවස්ථාවේ සිට මූල්‍ය තාක්ෂණික පුහුණුව උපදේශන සේවා හා වෙළෙඳපොළ අවස්ථා ලබා දීමට සහය වන බවයි.