Spread the love

තේ දළු ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් එම ටිපර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව නොර්වුඩ් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජෝන්ඩිලරි වත්ත ප්‍රදේශයේ දීය.

බගවන්තලාව ලොයිනෝන් වතුයායේ සිට හැටන් වනරාජා වත්ත දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇත.

ටිපර් රථය අනතුරට පත්වන අවස්ථාවේ ටිපර් රථය තුළ හත් දෙනෙකු ගමන් කර ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.