Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ සිට කටුනායක ගුවන් තොටුපල බලා ධාවනය වු තෙල් දුම්රියක දුම්රිය හරස් මාර්ගයකදි දුම්රිය වර්ණ සංඥා නොතකා ගමන් කල මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත. සිද්ධිය වී ඇත්තේ අද සවස් කාලයේදීයි. මේ හේතුවෙන් පුත්තලම් දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බාධා ඇති නොවේ


අනතුරින් මෝටර් රථයේ ගමන් කල හතර දෙනකු බර පතල තුවාල ලබා ප්‍රතිකාර සදහා සීදුව රෝහලට ඇතුලු කර තිබේ. මෙයින් එක් අයකුගෙ තත්ත්වය බොහෝසේ බර පතල බවද වාර්තාවෙයි.


කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුව්න්තොටුපල වෙත ධාවනය වු තෙල් දුම්රියට වර්ණා සංඥා ලබා දී තිබයදි ත් එය ගනන් නොගෙන ධාවනය කිරීම නිසා මෝටර් රථය අනතුරක ලක්වී ඇත


කිසියම් පුද්ගලයකු යතුරු පැදියක් පාපැදියක් ,මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කිරීමේදී අනාරක්ෂිතයි යනුවෙන් බොහෝ දෙනකු කුපිත වි දගලති නමුත් නිතියයට අනුව දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කිරීමේදී සෑම හරස් මාර්ගයක් හරහාම ”අනතුරු දායකයි දුම්රිියෙන් ප්‍රවේසම් වෙනු ”යනුවෙන් අනතුරු හැගවීමේ පුවරුවක් සවිකොට තිබේ. කුමන අයුරකින් අනතුරක් සිදු වුවත් හරස් මාර්ගයක් හරහා ධාවනය වන රියදුරන් දැඩි විමසිල්ලෙන් රිය පැදිවිය යුතුයි.


කොළඹ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රියක් සඳහා ඉදිරියට ගමන් කිරීමට සංඥා ලබා දී තිබිය දී ( සංඥා ක්‍රියාත්මකව ඇත. බෙල් ඇන්ඩ් ලයිට්) එම සංඥා පිලිබඳව අවධානය යොමු නොකරමින් රිය ධාවනය කිරිමෙන් මෙම අනතුරු සිදුවී ඇතැයි ද දුමරිය දෙපාර්තුමේන්තුව පවසයි.