Spread the love


නිමල් රාජපක්ෂ-

පකිස්ථානයේ ලාහෝර් සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ආනයනය කරන ලද තුවා තොගයක් මැද සඟව තිබූ රුපියල් මිලියන 270ක් වටිනා හෙරොයින් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, පාකිස්තානයේ ලාහෝර් නුවර සිට තුවා ලෙස ඉතා සූක්ෂම ආකාරයෙන් පාර්සල් 08ක් ලෙස සකස් කර මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.5 ක් ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබු බවය.
තිහාරිය ප්‍රදේශයේ ලිපිනයක ලියාපදිංචි කර ඇති ව්‍යාපාරයක් නමින් මෙම ආනයනය සිදු කර තිබුණි.

භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කරගැනීමට පැමිනි ආනයනකරු හා නිශ්කාෂන නියෝජිතයින් දෙදෙනෙකු රේගුව මගින් අත් අඩංගුවට ගත් අතර මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දෙන ලදී.