Spread the love

තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථයක් කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී කන්ටේනර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) සවස කන්ටේනර් රථය නවතා පරීක්ෂා කර තිබේ.

එහිදී එම රථයේ තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගෙන ඇත.

ඒ අනුව එම කන්ටේනර් රථය සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.