Spread the love

ගාසා ගැටුම් හමුවේ රතු මුහුදේ පවතින අර්බුදය හේතුවෙන් ඉදිරියේදි තිරිගු පිටි මිළ සඳහා බලපෑම් එල්ලවිය හැකි බව අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය පවසයි.

මෙරටට තිරිගු පිටි ආනයනය කරනුයේ තුර්කියෙනි.

එලෙස තුර්කියෙන් ආනයනය කරනු ලබන තිරිඟු පිටි රතු මුහුද හරහා යාත්‍රා කරන නෞකා මගින් ගෙන එයි.

ඒ අනුව රතු මුහුද හරහා යාත්‍රා කිරීමට බාධා එල්ලවීම හේතුවෙන් එම නෞකා අමතර නැව් ගාස්තු අයකරහොත් ඒ හරහා තිරිගු පිටි මිළ ඉහළ යා හැකි බව එම සංගමය පවසයි.

තවත් මාස තුනකට ප්‍රමාණවත් තිරිගු පිටි සහ ආනයනික බඩ ඉරිගු තොග මෙරට තුළ ඇතිබව අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම කාලය තුළ රතු මුහුදේ අර්බුදය සමනය වුවහොත් ගැටලුවක් මතු නොවන බව වැඩිදුරටත් එම සංගමය පවසයි.