Spread the love


නිමල් රාජපක්ෂ-

පසුගිය කාලය තුල දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් ව්‍යාජ ලිපියනයන් වෙත එවාතිබු රුපියල් මිලියන 34.75 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය අදාල රටවල් වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑලිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත ඒවා තිබුණ පාර්සල් 10 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් 16.05.2023 දින පොලිස් මත් ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කරන ලදි. එම පරික්ෂාවේ දී එහි තුල තිබී “කුෂ්” නමැති මත ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයා ගන්නා ලදි. මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත් ද්‍රවය කාර්යාංශය වෙත භාර දෙන ලදි.