Spread the love

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය මේ මස 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ග කල බව.මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අයදුම්පත්‍ර ලැබීමේ දී සිදු විය හැකි ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා 2024 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවර වල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිසම පවසයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බව ද සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් පැවසුවේය.